සඳහන් කර ඇති නඩු
පෙනී සිටි නීතිඥවරයන්
පෙත්සම්කරුවන් වෙනුවෙන් ආර්. පී. ගුප්තා, රාජා රාමචන්ද්‍රන්; කේ. රාමමූර්ති
වගඋත්තරකරුවන් සඳහා ජයදීප් ගුප්තා; ලිස් මැතිව්; වෙනූගෝපල්, වී. ගිරි; කේරළ ප්‍රාන්තය; රාකේශ් ද්විවේදි, කේ. රාධක්‍රිෂ්ණන්
ආගමික සිද්ධස්ථානයකට ඇතුළු වීමට කාන්තාවන්ට ඇති අයිතිය සම්බන්ධයෙන් සහ ආගමේ නිදහස අතර සහ සමානාත්මතාවයේ අයිතිය උසාවියේ සමච්ඡේදන තීන්දුව.
විනිසුරු අයි.මල්හෝත්‍රා සිය විරුද්ධ මතයේ සඳහන් කළේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නොහැකිවීම නිසා නඩුව අසාර්ථක විය යුතු බවයි.
සබ්රිමාලා කෝවිලේ අයියප්පන් හෝ වන්දනාකරුවන් ආගමික නිකායක් වීමේ අවශ්‍යතා තෘප්තිමත් කරන බැවින් 26 වැනි වගන්තියේ රැකවරණය ලබා ගත හැකි බවත් විනිසුරු මල්හෝත්‍රා ප්‍රකාශ කළේය. එමගින් කාන්තාවන්ට ඇතුළුවීම සීමා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III කොටස උල්ලංඝනය කිරීමක් නොවන බව ප්‍රකාශ කළේය.
2006 අංක 373 දරන රිට් පෙත්සම (සිවිල්)
මෙම නඩුව කේරළයේ අයියප්පන් දෙවියන්ට කැප වූ හින්දු කෝවිලක් වන සබ්රිමාලා සිද්ධස්ථානය වටා කේන්ද්‍රගත විය. සම්ප්‍රදායට අනුව, මාලිගාව බ්‍රහ්මචාරී දෙවියන්ට කැප කර ඇති බැවින්, ඔසප් වීමේ වයසේ සිටින කාන්තාවන්ට, එනම් අවුරුදු 10-50 අතර කාන්තාවන්ට පන්සලට ඇතුළු වීමට අවසර නැති අතර ඔසප් වීමේ වයසේ සිටින කාන්තාවන් පන්සලේ බ්‍රහ්මචර්යාවේ වටිනාකමට අපහාසයක් ඇති කරන බවට විශ්වාසයක් තිබුණි.
1965 කේරළ හින්දු පොදු ආගමික ස්ථාන (ඇතුල්වීමේ අවසරය) රීති යටතේ සකස් කරන ලද, 3(ආ) රීතිය මගින් නීත්‍යානුකූල කරන ලද පුරාණ චාරිත්‍ර පදනම මත මෙම තහනම යුක්ති සහගත කරන ලදී. 3(ආ) රීතිය “ප්‍රසිද්ධ වන්දනා ස්ථානයකට ඇතුළු වීමට චාරිත්‍රානුකූලව සහ භාවිතයට ඉඩ නොදෙන එවැනි කාලවලදී කාන්තාවන්” බැහැර කිරීම සඳහා සම්පාදනය කර ඇත.
කේරළ මහාධිකරණය, එස්. මහේන්ද්‍රන් එදිරිව ලේකම්, ට්රැවන්කෝර් දේවස්වම් මණ්ඩලය, තිරුවානන්තපුරම් සහ අනන්යෝ (AIR 1993 Ker. 42) යන නඩුවේදී, එවැනි සීමාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් නොවන බව තීරණය කර ඇත. අවසානයේ මෙම ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
ඒ අනුව අධිකරණය හමුවේ මතු වූ කරුණු මෙසේය.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14, 15, 17, 25 සහ 26 වගන්ති උල්ලංඝණය වන බැවින් කාන්තාවන්ට විහාරස්ථානයට ඇතුළුවීම සීමා කිරීම ව්‍යවස්ථා විරෝධී බව පෙත්සම්කරුවෝ තර්ක කළහ.
එම සදහන් කළ වගන්ති අදාල වන්නේ;
(1) 1949 ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය:
ඉන්දීය භූමිය තුළ නීතිය ඉදිරියේ කිසිඳු පුද්ගලයෙකුට සමානාත්මතාවය ප්‍රතික්ෂේප නොකළ යුතුය අතර, ආගම, ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ උපන් ස්ථානය පදනම් කරගෙන වෙනස් කොට සැලකීම තහනම් කිරීමේ නීතිද එක හා සමානව ආරක්ශා කළ යුතුය.
හෘද සාක්ෂියේ නිදහස සහ ආගම ප්‍රකාශ කිරීමට, පිළිපැදීමට සහ ප්‍රචාරණය කිරීමට නිදහසේ අයිතිය සෑම පුද්ගලයෙකුටම එකසේ හිමිවේ.
ආගම ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය සහ උපන් ස්ථානය යන පදනම මත පමණක් රාජ්‍යය කිසිදු පුරවැසියෙකුට වෙනස්කම් නොකළ යුතුය.
කිසිදු පුරවැසියෙකු, ආගමික, ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් ස්ථානය හෝ ඒවායින් කිසිවක් පදනම් කරගෙන කඩ සාප්පු, පොදු ආපනශාලා, හෝටල් සහ විනෝදාත්මක පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසියම් ආබාධයකට, වගකීමකට, සීමාවකට හෝ කොන්දේසියකට යටත් නොවිය යුතුය.
අස්පර්ශවාදය අහෝසි කර ඇති අතර එය කුමන ආකාරයකින් හෝ භාවිතා කිරීම තහනම් කර ඇත. අස්පර්ශවාදය හේතුවෙන් පැන නගින
ඕනෑම නුසුදුසුබවක් බලාත්මක කිරීම, නීතියට අනුකූලව දඬුවම් ලැබිය හැකි වරදක් විය යුතුය.
මෙම නඩුවේ ආගමික නිදහස හා සම්බන්ධ කැපී පෙනෙන සොයා ගැනීමක් වූයේ ආගම සම්බන්ධයෙන් ‘භක්තිය’ දැක්වීමට ස්ත්‍රී පුරුෂ භේදයක් නොතිබිය යුතු බවට අධිකරණයේ සොයා ගැනීමයි. මීට අමතරව, අගවිනිසුරු ආගන්තුක ප්‍රකාශය ලෙස දැක්වූයේ ආගම යනු පුද්ගලයෙකුගේ අභිමානය හා බැඳී පවතින ජීවන මාර්ගයක් බවත්, එක් ලිංගික අනන්‍යතාවයක් තවත් ලිංගික අනන්‍යතාවයක් නිෂේධය මත පදනම් වූ පීතෘමූලික ක්‍රියාවන්ට තම ආගම ඇදහීමට සහ ප්‍රකාශ කිරීමට ඇති මූලික නිදහස උල්ලංඝනය කිරීමට ඉඩ දිය නොහැකි බවත්ය
14, 15, 19(1), 21 සහ 25(1) වගන්තිවල සමානාත්මතාවය, නිදහස සහ ආගමික නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව 4:1 බහුතරයකින් අධිකරණය මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
එය ව්‍යවස්ථා විරෝධී ලෙස කේරළ හින්දු පොදු නමස්කාර ස්ථාන පනතේ 3(ආ) රීතිය ඉවත් කළේය. 3(ආ) නිෂේධය චාරිත්‍ර මත පදනම් වූයේ නම් කාන්තාවන් පොදු ආගමික ස්ථානවලින් බැහැර කිරීමට හින්දු නිකායන් සඳහා අවසර දී ඇත.
ඉදිරිපත් කරන ලද තර්කය වූයේ 25(1) වගන්තිය යටතේ කාන්තාවන්ට ආගමික නිදහස සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නගත රීතිය මඟින් වළක්වන බව හා එය වෙනම ආගමික නිකායක අත්‍යවශ්‍ය ආගමික පිළිවෙතක් ලෙස කිසිදු නිදහස් කිරීමක් අවශ්‍ය නොවන බවයි.
26(ආ) වගන්තිය නොතකා ආගමික ආයතනවලට තමන්ගේ කටයුතු කළමනාකරණය කිරීමට අවසර දී ඇතත්,අයියප්පා දෙවියන්ගේ බැතිමතුන් වෙනම ආගමක් ලෙස සුදුසුකම් ලබා ඇති බව අධිකරණයේ බහුතරයක් සොයා ගත්තේ නැත. හින්දු භක්තිකයන් වශයෙන්, ඔවුන් හින්දු ආගමික ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දුන් 25(2)(ආ) වගන්තියේ විධිවිධානවලට යටත් විය.
වෙනස් කොට සැලකූ හෝ කාන්තාවන් වෙන් කරන ලද පරිචයක්, ඔවුන්ගේ අභිමානය, නිදහස සහ ස්වාධිපත්‍යය උල්ලංඝනය කළ බැවින්, ජීව විද්‍යාත්මක ලක්ෂණ මත පදනම්ව වෙනස් කොට සැලකීම හෝ වෙන් කිරීම කිසි විටෙකත් ව්‍යවස්ථාපිත විය නොහැකි බව අධිකරණය සාකච්ඡා කළේය.
ඉහත සදහන් කළ කෝවිලට කාන්තාවන් ඇතුළුවීම සීමා කිරීම ව්‍යවස්ථා විරෝධී බවත්, එබැවින් සබ්රිමාලා කෝවිලට සියලුම වයස් කාණ්ඩවල කාන්තාවන්ට ඇතුළුවීමට අවසර දෙන බවත් අධිකරණය තීන්දු කළේය. එබැවින්, “භක්තිය ස්ත්‍රී පුරුෂ භේදයට ලක් කළ නොහැකි” බව තීරණය විය.