මුල් පිටුව අන්තර් ජාතික නඩු තීන්දු සහිරුද්දීන් එදිරිව රජ​ය

අධිකරණය
පකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය
විනිසුරු මඩුල්ල
මුලික වචන
සඳහන් කර ඇති වෙනත් නඩු
පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්
තීන්දුව ලබා දුන් දුනය
03/07/1993
තීන්දුව ලබා දුන් විනිසුරුතුමා/විනිසුරුවරු
නඩුවට අදාළ සැලකිය යුතු තොරතුරු

අභියාචනය ප්‍රතික්ශේප කර​න ලදී.

අනෙකුත් තොරතුරු

අදාල නැත.

සහිරුද්දීන් එදිරිව රජ​ය

1992 අංක 412 සිවිල් අභියාචනය

නඩුවේ සිද්ධිමය කරුණු

වාදවිෂය වූයේ 1984 අංක XX ආඥාපනත, ඛාදියානි සමූහය , ලාහෝර් සමූහය සහ අහමදිස්(තහනම් සහ දඬුවම්) ආඥාපනතහි ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරකම්, 1984, පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේද යන්න​යි.

 

ඇතැම් පුද්ගලයන් ‘කල්ම තයබ්බා’ ලාංඡන පපුවේ ප්‍රදර්ශනය කර බසාර්හි සැරිසරන බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම නඩුව මතුවිය. ඔවුන් ක්වා​දියානි ලෙස හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රශ්න කිරීමේදී කියා සිටියේ තමන් මුස්ලිම් ජාතිකයන් බවයි. ඔවුන්ගේ මෙම ‘කල්ම තයබ්බා’ ලාංඡනයක් පැළඳ සිටීමේ ක්‍රියාව ඔවුන් මුස්ලිම් ලෙස පෙනී සිටීම ලෙස සැලකේ.

චෝදනා කරන ලද ආගමික සහ විශ්වාසයේ අයිතිය උල්ලංඝනය කිරීම

FoRB උල්ලංඝනය – හෘදය සාක්ෂිය (එනම් තමන් කැමති ආගමක් තිබීම හෝ පිළිගැනීම); වෙනස් කොට සැළකී​ම. අභියාචනය නිශ්ප්‍රභා කරන ලදී.

තීන්දුව

​ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 260(3)(ආ) වගන්තිය මගින් අහමදිවරුන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනාගතවක්තෘත්වයේ අවසාන භාවය අහමදියාවරුන් විශ්වාස නොකිරීම ස​හ; ඔවුන් ශුද්ධ වූ අල් කුර්ආනයේ “තවීල්” භාවිතා කරමින් පැහැදිලි සහ සාමාන්‍ය වාක්‍යයක් අසත්‍ය කරමි​න් ඉස්ලාමයට සෙවනැලිවාදය, අවතාරය සහ සංක්‍රමණය වැනි මිථ්‍යාදෘෂ්ටික සංකල්ප ආනයනය කිරීම වැනි කරුණු නිසාවෙ​න් ඔවු​න් මුස්ලිම් නොවන අය ලෙස ප්‍රකාශ කර ඇත. මුජිබර් රෙහෙමාන් එදිරිව පකිස්ථානයේ ෆෙඩරල් රජය සහ අන්‍යයෝ (PLD 1985 FSC 8) හිදී මෙම කරුණ පකිස්ථානයේ ෆෙඩරල් ෂරියාට් අධිකරණය විසින් තවදුරටත් තහවුරු කර ඇත. එබැවින් සෘජුව හෝ වක්‍රව මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටීමෙන් හෝ මුස්ලිම්වරුන්ගේ නීත්‍යානුකූල අයිතීන් ඉල්ලා සිටීමෙන් වළකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

 

‘ඉහත අදහස්, ඒවා ප්‍රචලිතව පවතින බැවින්, ඉහත අධිකරණ බල ප්‍රදේශය තුළ, ආගමේ නිදහසට, නීතිය හා සාමයට හෝ මහජන සාමයට සහ ශාන්තියට බාධා කිරීමට ඉඩ නොදෙන බව පෙන්වීමටය.

එය පදනම් වී ඇත්තේ අන් අයගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට හෝ උදුරා ගැනීමට රජය කිසිවෙකුට ඉඩ නොතබන මූලධර්මය මත ය. තමාගේම අයිතිවාසිකම් භුක්ති විඳීම තුළ සහ වෙනත් කිසිදු පන්තියක ආගමට අපහාස කිරීමට, හානි කිරීමට හෝ අපවිත්‍ර කිරීමට හෝ ඔවුන්ගේ ආගමික හැඟීම් කෝපයට පත් කිරීමට ​හා නීතිය හා සාමය කලඹ​න තත්ත්වය​ක් ඇති කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැක.

එබැවින් රාජ්‍යයට, සෑම විටම හෝ කොතැනක හෝ සාමය හා නීතිය කැළඹෙනු ඇතැයි හෝ නැතහොත් අන් අයගේ ආගමික හැඟීම් වලට හිංසනයක් සිදු වෙනවා යැයි විශ්වාස කිරීමට හේතු ඇති විට,

නීතිය හා සාමය සහතික කිරීම සඳහා එවැනි අවම වැළැක්වීමේ පියවර ගත හැකිය.

(3)ඉංග්‍රීසි පාලන සමයේදී උපමහාද්වීපයේ, මුස්ලිම් සමාජය අතර මෙම අහමදියා ප්‍රජාව බිහිවීම, එහි මතවාදී මායිම්වලට එල්ල කළ බරපතළ සහ සංවිධානාත්මක ප්‍රහාරයක් බව මුස්ලිම් ජාතිකය​න් ​විශ්වාස කරයි. මුස්ලිම් සමාජයේ සමාජ දේශපාලන සංවිධානය එහි ආගම මත පදනම් වන නිසා ඔවුන් එය ඔවුන්ගේ අඛණ්ඩතාවයට සහ සහයෝගීතාවයට ස්ථිර තර්ජනයක් ලෙස සලකති. එම තත්ත්වය තුළ ඔවුන් ඉහත සඳහන් නාම පද ආදිය භාවිතා කිරීම මුස්ලිම් මනසට පෙනෙන්නේ හිතාමතා සහ ගණනය කළ ඔවුන්ගේ ශුද්ධ වූ පුද්ගලයන් කෙලෙසීමේ සහ විස්තර කිරීමේ ක්‍රියාවක් ලෙස සහ ‘උම්මා’ හි අඛණ්ඩතාවයට සහ ජාතියේ සන්සුන් භාවයට තර්ජනයක් ලෙසය. එමෙන්ම එය අතීතයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් බරපතල නීතිය හා සාමය කළඹන තත්ත්වය​ක් ඇති කිරීමට ද බැඳී ඇත.’

 

(4) ‘අහ්මදීවරුන්, එබැවින්, මුස්ලිම් නොවන; නීත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව සහ ඔවුන්ගේ කැමැත්ත අනුව මුස්ලිම්වරුන්ට විරුද්ධ සුළුතරයකි. එහි ප්‍රතිඵලයක් ලෙස විරුදාවලිය ආදිය භාවිතා කිරීමට ඔවුන්ට අයිතියක් නැත. තවද, මුස්ලිම්වරුන්ට පමණක් සීමා වූ ෂයර් ඉස්ලා​​ම්, නීතියෙන් ඔවුන්ගේ භාවිතය නිවැරදිව ප්‍රතික්ෂේප කර ඇත. ඉහත දක්වා ඇති පරිදි, පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහ්මදීවරුන් මුස්ලිම් නොවන අය ලෙස ප්‍රකාශ කරයි. සැකයකින් තොරව, ඔවුන් නොසැලකිය යුතු සුළුතරයක් වන අතර, ඔවුන්ගේ විශ්වාසය නිසා, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන කණ්ඩායම විසින් අහ්මදීවරුන් මිථ්‍යාදෘෂ්ටික හා මුස්ලිම් නොවන ලෙස සලකනු ලැබ ඇත. ‘