July 11, 2022

මහජන පීඩාවලට අදාල නීතිය හා ඔබට කළ හැකි දේ 98වන වගන්තිය  

සමාජය සංකීර්ණ වන තරමට පොදු සමාජයේ ගැටලූ ද සංකීර්ණ වෙනවා. මහජනතාව බලන්නේ  තමන්ගේ පාඩුවේ සාමයෙන් සීටීමට. ඒවාට යම් කොටස් බාධා කරන කොට මහජනතාව අසරණ  වෙනවා. ඒකෙන් මහජනතාව ආරක්ෂා කිරීමට තමයි පොලීසිය හා පළාත් පාලන ආයතන තියෙන්නේ. 

අධිකරණය තියෙන්නේ ඉහත ආයතනවලින් යමක් කරවා ගැනීමට හෝ ඉහත ආයතනවලට  මහජනතාවට හානි කරන කෙනෙක ුට විරුද්ධව නියෝග කරන්න හා මහජනතාව ඒ හානි කරන  අයගෙන් ආරක්ෂා කරන්න. 

අද වන විට මහජනතාවට හානි වන විදියට බොහෝ දේවල් වෙනවා . පාරේ කුණු දාන එක, පරේ  කුණු අරගෙන නොයන එක , ගෙවල් වල කුණු මහා කඳු හැටියට කොහාට හරි විසි කරලා ඒ අවට  ජනතාවට ජීවත් වෙන්න බැරි කිරීම, පාරවල් අවහිර කිරීම, ජල පාරවල් අවහිර කිරීම හෝ රසායනික  ද‍්‍රව්‍ය දාලා ජල ම ූලාශ‍්‍ර හෝ ඇළවල් අපවිත‍්‍ර කිරීම , ගෙවල්වල වතුර අසූචී කානු පාරට දැමීම ,  ගංඟාවලට දැමීම , රෝහල් අපද‍්‍රව්‍ය කැළෑවලට විසි කිරීම , මදුරු නිෂ්පාදනාගාර වන ගොඩනැඟිලි  තීබීම , ගිනි ගත හැකි ගබඩා තිබීම , දුම් ගහන කර්මන්ත ශාලා , විෂ වායු , කුණු කඳු , නැව්වලින්  පිටවන අපද‍්‍රව්‍ය. මේ වගේ නොයෙකුත් හානි හා කරදර මහජනතාවට කරන අය අද සමාජයේ හැම  තැනම. ඒ අයට නීතීය ක‍්‍රියාත්මක වෙන්න  ඕනේ. ඒක කරන හැටි තමයි අද කතා කරන්නේ. 

මේවට නීතිය හරිම තදයි. 

1 අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 98 වගන්තිය මේ වරදවල් පැහැදිලි කරනවා. 

2 සිවිල් නීතිය යටතේ නඩු දාන්න පුලූවන්. 

3 රීට් නඩුවක් දාන්න පුලූවන් පළාත් පාලන ආයතන හෝ රජයේ ආයතන නම්. 

කාටද නඩු දාන්න පුලූවන් ? 

1 පොලීසියට මහජනතාව කරන පැමිණිල්ලක් උඩ හෝ පොලීසියටම හිතා මතා පොලිස්  ආඥාපනතේ 56 වගන්තිය යටතේ නඩුවක් පටන් ගන්න පුලූවන් මිනිස්සු ඇවිල්ලා පැමිණිලි  කරනකම් ඉන්න  ඕනේ නැහැ. ඒක පොලීසියේ වගකීමක්. 

2 පළාත් පාලන ආයතනවලට පුලූවන් තමන්ගේ බලතල මත නඩුවක් පටන් ගන්න අපරාධ  නඩු විධාන සංග‍්‍රහයේ 136 1 අ වගන්තිය යටතේ පුලූවන්. 

3 පොදු මහජනතාවට, තනි පුද්ගලයකුට හෝ රාජ්‍ය නොවන විධානයකට හෝ ගමේ  සමිතියකට රීට් නඩුවක් දාන්න පුලූවන්. මහජන පීඩා නඩුවක් නම් එය පොලීසිය හරහා  හෝ 136 1 අ වගන්තිය යටතේ දානවා නම් එහෙනම් අවම වශයෙන් පාර්ශව 5ක් වත් ඒ  පැමිණිල්ලේ ඉන්න අවශ්‍යයි. 

4 සිවිල් නඩුවක් නම් තනිවම දාන්න පුලූවන් 

කොහොමද කරන්නෙ ? 

මේ වගන්තිය යටතේ පොලීසියට පුලූවන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න. එහිදී අධිකරණයට  අභිමතයක් තියනවා කැමති නම් විතරක් ඒ පැමිණිලිකරුවන්ගෙන් සාක්ෂි විමසන්න හෝ සාක්ෂි  නොවිමසා හෝ කොන්දේසි සහිත ආඥාවක් න ිකුත් කරන්න. 

ඒ කොන්දේසි සහිත ආඥාව උසාවවිය මඟින් තැපැල් මඟින් හා ෆිස්කල් මඟින් අදාළ වරද කරන  තැනැත්තාට හෝ මණ්ඩලයට හෝ දෙපාර්තමේන්තුවට හෝ රාජ්‍ය සංස්ථාවට භාර දෙන්න  ඕනේ හෝ  එහෙම භාර දෙන්න බැරි නම් එම භූමියේ ප‍්‍රසිද්ධ ලෙස අලවා තබන්න  ඕනේ. මේක සලකන්නේ  නියෝගය භාර දුන්න හැටියට. 

හොඳින් මත තියා ගන්න මේ කොන්දේසි සහිත ආඥාව නිකුත් කරන්නේ බොහෝ විට ඒක පාර්ශවීයව.  ඒක එහෙම වෙන්න හේතුව තමයි මහජන පීඩාවක් දෙපැත්තම කැඳවලා කරන්න ගියොත් විශාල  කාලයක් යනවා වගේම එතකොට පීඩාව බලවත්වෙලා හානිය වැඩි වෙන්න පුලූවන්. ඒ හින්දා  මහේස්ත‍්‍රාත්තුමා සෑහීමට පත් වෙනවා නම් ඒක ප‍්‍රමාණවත්. 

කොන්දේසි සහිත අඥාව ඒ කියන මහජන පීඩාව නතර කරන වර්ගයේ එකක් වෙන්න  ඕනේ. නිශ්චිත  වෙන්න  ඕනේ. ඒක පුද්ගලයකු හෝ ආයතනයක් ඉලක්ක කරලා වෙන්නත්  ඕනේ. ඒක කරන්න පුලූවන්  දෙයක් වෙන්නත්  ඕනේ. 

අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 100 – මෙහෙම නියෝගයක් තමන්ට එරෙහිව ආවම ඒක කඩ කරන්න  බැහැ. වහාම උසාවිට ඇවිල්ලා කරුණු කියන්න  ඕනේ. ඒ වගේම මහේස්ත‍්‍රාත්තුමාට පේනව නම්  කාරණය බරපතලයි කියලි එයට එරෙහිව තහනම් නියෝගයක් පවා නිකුත් කරන්න පුලූවන්. තමන්ට  විරුද්ධව නියෝගයක් තියනව නම් තමන් පිළිගන්නවා නම් එහෙම වරදක් වෙනවා කියලා ඒක නිවැරදි 

කරනවා නම් ප‍්‍රශ්නයක් නැහැ. තමන් ඒකට එකඟ නැත්නම් එහෙනම් එම නියෝගය ලැබුනු පාර්ශවයට  පුලූවන් ඒ නියෝගය අවලංගු කරන්න හෝ සුළු වශයෙන් වෙනස් කරන්න කියලා ඉල්ලීමක් කරන්න. එහෙම ඉල්ලීමක් කළාම ඒක විමසීමට දානවා. ඒ කියන්නේ සාක්ෂි විමසීමට දානවා. ඒ සාක්ෂි වාචික  සාක්ෂි හෝ දිවුරුම් ප‍්‍රකාශ මඟින් ගන්න සාක්ෂි වෙන්න පුලූවන්. එහෙම සාක්ෂි විමසලා  මහේස්ත‍්‍රාත්තුමා සෑහීමට පත් වෙනවා නම් නියෝගය වෙනස් කරන්න හෝ සුළු වශයෙන් වෙනස්  කරන්න පුලූවන් හෝ දිගටම පවත්වාගෙන යන්න පුලූවන් . යම් කෙනෙක් නියෝගය අනුව කටයුතු  කරන්නේ නැත්නම් මහේස්ත‍්‍රාත්තුමාට පුලූවන් අධිකරණයේ මෙහෙයවීමෙන් එය කරලා එම වියදම්  අයකර ගන්න. 

එමෙන්ම එම නියෝගයක් කඩ කරන අයට දණ්ඩ නීති සංග‍්‍රහයේ 185 වගන්තිය යටතේ දඬුවම්  කරන්නත් පුලූවන්. එනම් රජයේ සේවකයකු නිසි පරිදි, ඒ කියන්නේ නීත්‍යානුකුලව නිකුත් කළ  නියෝගයකට අකීකරුවීම හෝ නොකර හැරීම. එහෙම කළොත් සමථ කරන්න බැහැ. බරපතල  සිරදඬුවම් ලැබෙනවා, ඇප තියනවා. ඒ වගේම 100 යටතේ කිසිවක් කළේ නැත්නම් ඒ කොන්දේසි  සහිත ආඥාව ස්ථිර වෙලා අවාසියක් වෙන්නත් පුලූවන්. ඒ නිසා තමන්ට එහෙම නියෝගයක් ලැබුණම  ඒ සඳහා ඒ කියල තියන කාලය තුළ අධිකරණයට ඇවිල්ලා අධිකරණයේ කරුණු දැක්වීම හොඳයි. 

බොහෝ විට පළාත් පාලන ආයතන කුණු දාන එක ගැන ගොඩාක් දෙනෙකුට මැසිවිලි තියනවා එකට  හොඳ විසඳුම තමයි මේක. පස් දෙනෙක් වත් එකතු වෙලා පොලීසියට පැමිණිල්ලක් දාන්න නැත්නම්  කණ්ඩායමක් එකතු වෙලා පෞද්ගලික පැමිණිල්ලක් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 136 1 (අ ) වගන්තිය  යටතේ දාන්න පුලූවන් 

ඊළඟ 101 වගන්තිය සලකා බලමු මෙහීදී අනෙක් පාර්ශවය ඒ කියන්නේ කොන්දේසි සහිත නියෝගය  ලැබුණු පාර්ශවය ඇවිල්ලා කොන්දේසි සහිත ආඥාව ඉවත් කරවා ගැනීමට හෝ සුළු වශයෙන් වෙනස්  කිරීමට හෝ ඉල්ලීම කරන්න පුලූවන්. එහෙම ඉල්ලීම කළාම මහේස්ත‍්‍රාත්තුමා ඒ ගැන සලකා බැලීම  කළ යුතුමයි. එහෙම සලකා බැලීමට නම් විශේෂයෙන්ම නියෝගය ලද පාර්ශවය නියෝගයට විරුද්ධ  වෙනවා නම් එතකොට විමර්ෂණයක් කරන්න වෙනවා. එහෙම විමර්ෂණයක් කරනවා නම් එහෙම  ඉවත් කරන්න හෝ සුළු වශයෙන් වෙනස් කරන්න කියලා කියන පාර්ශවය මුලින්ම සාක්ෂි  මෙහෙයවන්න  ඕනේ. 

ව් කුලරත්න එරෙහිව ධර්මදාස නඩුවේදී ජයසින්ඝෙ විනිසුරුතුමා ඉතා පැහැදිලිව කියා සිටීය.  කොන්දේසි සහිත ආඥාව ඉවත් කිරීමට හෝ සුළු වශයෙන් වෙනස් කිරීමට ඉල්ලා සිටින  වගඋත්තරකාර පාර්ශවය විසින් මුලින්ම නඩුව පටන් ගත යුතු බව. 

මගේ අත්දැකීම ද එයයි. එහීදී වගඋත්තරකාර පාර්ශවය නැතහොත් කොන්දේසි සහිත ආඥාව ලැබු  අය කළ යුත්තේ එකම දෙයයි. එනම් එම කොන්දේසි සහිත ආඥාව සාධාරණ නොවන බව හා නුසුදුසු  බව සාක්ෂි මඟින් පෙන්වා දීමයි. එහීදී නඩුව පැවරු පාර්ශවයට තමයි ඔප්පු කිරීමේ භාරය  පැවරෙන්නේ. මෙහෙම මහජන පීඩාවක් පවතින බව, මේ ගැන ඉතා ගරු කටයුතු උගතෙක් හා  ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු ඪ්.ඵ්. වීරරත්න මැතිතුමාගේ මහජන පීඩා කියන පොතේ සටහන් වන්නේ මේ  විදියටයි. එනම් ලංකාවේ අපරාධ නඩු වීධාන සංග‍්‍රහය නිර්ණයේදී කාර්යක්ෂමතාව හා මා ඉහත කියු  කරුණු අරභයා පැමිණිල්ලේ සාක්ෂි මුලින් විමසීම  ඕනෑකමින් අතහැර දමා තිබේ. CA No 153/97 (4.5.2001)

අනිවාර්යෙන්ම පැමිණිල්ලද සාක්ෂි මෙහෙයවිය යුතු අතර මහජන පීඩාව ඔප්පු කළ යුත්තේ ඔවුන්ය.  වගඋත්තරකරුවන් මහජන පීඩාවක් නැත කීමට බැඳී නැත ඒත් ඔවුන් කළ යුත්තේ කොන්දේසි සහිත  නියෝගය අසාධාරණ හා නුසුදුසු නියෝගයක් බව කීමයි. ඒ අනුව 1012 හා 1013 වගන්ති ප‍්‍රකාර  කොන්දේසි සහිත නියෝගය වෙනස් කිරීම හෝ ස්ථිර කිරීම කළ යුතුය.

තවදුරටත් 102 වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාව නියත කළ විට ඒ ආකාරයෙන් ක‍්‍රිය  නොකරන්නේ නම් 100 2 උප වගන්තිය අනුව කටයුතු කළ යුතු වේ. 

103 වගන්තිය යටතේ දී ඇති කාලය තුළ නොකරන්නේ නම් මහේස්ත‍්‍රාත්වරයාගේ අණ පරිදි එම  ක‍්‍රියාව කොට, කඩා දැමු දේපලේ ඇති භාණ්ඩ විකුණා හෝ වගඋත්තරකරුගේ වෙනත් දේපලක්  තහනමට ගෙන හෝ විකුණා එම මුදල පියවා ගැනීමට කටයුතු කළ හැකිය. එහෙම කළාට සිවිල්  වගකීමක් වැටෙන්නේ නැත. 103 (2) අනුව.

104.1 වගන්තිය යටතේ 98වන වගන්තිය යටතේ යම් හානියක් වන බවට මහේස්ත‍්‍රාත්වරයාට  වැටහෙන්නේ නම් හා එය බරපතල හානියක් බව වැටහෙන්නේ නම් ඒ අවස්ථාවේ එම  වගඋත්තරකරුට එරෙහිව ඉන්ජන්ෂන් තහනම් නිකුත් කළ හැක. එය යම් බරපතල අනතුරක් මඟ  හැරීමට හෝ වළක්වා ගැනීමට අදාළ වගඋත්තරකරුට එරෙහිව නිකුත් කළ හැක.

මෙහිදී අදාළ නියෝගය ලද පාර්ශවය එය නොකරන්නේ නම් එය මහේස්ත‍්‍රාත්වරයාගේ අණ පරිදි කළ  හැක. එයට සිවිල් වගකීමක් නැත. 

105 යටතේ එය දිගින් දිගටම වීම වැළැක්වීමට කටයුතු කිරීමට මහේස්ත‍්‍රාත්වරයාට බලයක් ඇත. 

පොලීසියට අමතරව මහජන පීඩා ගැන කටයුතු කළ හැකි රාජ්‍ය ආයතන 

1987 අංක 15 දරණ ප‍්‍රාදේශීය සභා පනතේ 100 – 107 වගන්තිද 1947 අංක 61 දරණ නගරසභා  ආඥාපනතේ 83 වගන්තියද 1947 අංක 29 මහ දරණ නගරසභා ආඥාපනතේ 83 වගන්තියද වැදගත්ය.  මේ පනත හා ආඥාපනත් මඟින් මහ නගර සභාවන්ට හා නගර සභාවන්ටද ප‍්‍රාදේශීය සභාවන්ටද  මහජනතාවගේ සුභ සිද ්ධිය හා යහ පැවැත්ම සඳහා තම බල ප‍්‍රදේශවල තිබෙන මහජන පීඩා ඉවත්  කරවා ගැනීමට විශාල බලයක් පවරා ඇත. එපමණක් නොව මධ්‍යම පාරිසරික අධිකාරි පනත යටතේද,  පරිසරය සුරැකීමට විශාල බලයක් එ් අධිකාරියට ඇත. පොලිස් ආඥා පනත යටතේ පොලීසියට ඇති  බලතල අනුව ද නඩු පැවරිය හැක. මේ සා විශාල ආයතන සංඛ්‍යාවක් තිබීයදී පාරිසරික වශයෙන්  මහජනතාව විශාල පීඩාවක් විඳී. ඒවා සියල්ලම මහජන පීඩාවන්ය. ඒත් බොහෝ දේශපාලනික හේතු  නිසා ඡුන්ද නිසා බොහෝ නගර සභා හෝ මහනගර සභා සභිකයන් තීන්දු තීරණ ගැනීමට පැකිලෙති.  ඒ නිසා ඒවා සමහර විට කිරීමට සිදු වන්නේ පාරිසරික යුක්ති කේන්ද‍්‍රය වැනි රාජ්‍ය නොවන  සංවිධානවලටය. ඒවා මහ පරීමාණ පීඩාවන් සිට කුණු අරන් නොයෑමේ කටයුත්ත දක්වා වූ සුළු  පීඩාවන් දක්වා වන වැරදි හෝ පීඩාවන්ය. මේවාවලදී මහජනතාව අවදියෙන් සිටීම නීති සහය ගැනීම  කළ යුතුය. 

බොහෝ නගර සභා හෝ ප‍්‍රාදේශීය සභා තමන්ෙඟ් කාර්යය නොකරන නිසා ඒවා ඔවුන් ලවා කරවා  ගැනීම ද උගහටය. එහීදී මගේ පහසුම උත්තරය නම් රීට් නඩුවක් දාන්න කියාය. ඒ කියන්නේ ඉහත  ආයතනවලට ලැබී ඇති බලතල නොකරනවා නම් ඒව කරවා ගැනීමට මැන්ඩාමුස් රීට් ආඥාවක්  ගැනීමය. එමෙන්ම ඒවා සඳහා අවශ්‍ය තහනම් නියෝග ගැනීමද අභියාචනාධිකරණයෙන්ම කළ හැක. 

ඔබේ ගමේ කුණු කන්දක් ඇත්නම් එය මහජන පීඩාවක් නම් එය නතර කිරීමට රීට් ආඥාවක් හෝ  පිරිසක් එකතුවී 98 වගන්තිය යටතේ නඩු දැමිය හැක. කර්මාන්ත ශාලාවලට වඩු මඩුවලට හා මහා  සද්දේට හඬ නිකුත් කරන යට විරැද්ධව කටයුතු කළ හැක. සමහර අනවශ්‍ය ලවුඞ්ස්ප ීකර් ද නවත්වන්න  පුලූවන්. ගොඩක් දේවල් නවත්වන්න පුලූවන්. ක‍්‍රියාත්මක විය යුත්තේ ඔබයි. මේ පනත යටතේ කටයුතු  කරන්න කියලා ඔබේ නගර සභා නියෝජිතයට කියන්න නැත්නම් ඊළඟ පාර ඡුන්දේ දෙන්න එපා 

ඒ වගේම තමන්ට තනිවම තමන්ගේ අසල්වාසියාගෙන් වන කරදරවලට සිවිල් නඩු දාන්න පුලූවන්.  ඒවා මහජන පීඩා නෙමෙයි. පෞද්ගලික පීඩා. ඒ වගේම පීඩා ආඥා පනත කියල තවත් එකක් තියනවා.  ඒක මහජන සෞඛ්‍යට වන හානි හා ජනතාවට වන පීඩා ගැන. 

නීතීඥ ලක්ෂාන් ඩයස්

;djg jk mSvd .ek¡

kS;S{ ,laIdka vhia

Tagged with: