මුල් පිටුව ශ්‍රි ලංකා නඩු තීන්දු වාලචේන මහේස්ත්‍රාත් අධිකරණය

අධිකරණය
වාලචේන මහේස්ත්‍රාත් අධිකරණය
විනිසුරු මඩුල්ල
අදාළ නොවේ
මුලික වචන
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 140 වගන්තිය; 292 වගන්තිය; 332 වගන්තිය
සඳහන් කර ඇති වෙනත් නඩු

අදාළ නොවේ

පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්
තීන්දුව ලබා දුන් දුනය
15/03/2019
තීන්දුව ලබා දුන් විනිසුරුතුමා/විනිසුරුවරු
අදාළ නොවේ
නඩුවට අදාළ සැලකිය යුතු තොරතුරු

අදාළ නොවේ

අනෙකුත් තොරතුරු

අදාළ නොවේ

වාලචේන මහේස්ත්‍රාත් අධිකරණය

PC/50001/19

නඩුවේ සිද්ධිමය කරුණු

ගණපති පිල්ලේ මහේෂ්වරන් නමැති 73 හැවිරිදි කිතුනුවකු අසනීප තත්ත්වයෙන් මිය ගිය අතර ඔහුගේ දේහය පොදු සුසාන භූමියේ මිහිදන් කිරීමට පවුලේ අය තීරණය කළහ. මියගිය කිතුනුවකුගේ අවමංගල්‍ය කටයුතු සිදුවෙමින් තිබියදී සවස 3 ට පමණ 500 ක පමණ පිරිසක් එම සුසාන භූමියේ කිතුනුවන් මිහිදන් කළ නොහැකි බව පවසමින් කටයුතුවලට බාධා කළහ. පසුව මැර පිරිස අවමංගල්‍ය උත්සවයට රැස්ව සිටි කිතුනුවන්ට පොලු සහ පාවහන් වලින් ප්‍රචණ්ඩ ලෙස පහර දුන්හ.

 

සිද්ධිය පිළිබඳව පොලිසිය, ග්‍රාම නිලධාරීවරයා සහ සහකාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ අතර ඔවුන් එම ස්ථානයට පැමිණියහ. සුසාන භූමියට යාබද ඉඩමක භූමදානය කරන ලෙස සහකාර ග්‍රාම නිලධාරීවරයා යෝජනා කළ නමුත් පිරිස ඊටද විරුද්ධ වූහ. පසුව පිරිස පොලිසියට පහර දෙන්නට පටන් ගත්හ. සවස 6.30 ට පමණ ගම්වාසීන්ගේ බලපෑම් මත කිතුනු බැතිමතුන්ට පොලිස් ආරක්ෂාව යටතේ කිලෝමීටර් 15 ක් දුර ප්‍රදේශයක අවසන් කටයුතු සිදු කිරීමට සිදු විය.

චෝදනා කරන ලද ආගමික සහ විශ්වාසයේ අයිතිය උල්ලංඝනය කිරීම

චෝදනා කරන ලද ආගමික හෝ විශ්වාසයේ අයිතිය  සම්බන්ධ ගැටළුව – ශාරීරික නොවන ප්‍රචණ්ඩත්වය

තීන්දුව

මෙම තත්ත්වය තුළ පොලිසිය විත්තිකරුට වැරදි 3ක් යටතේ චෝදනා ගොනු කළේය;

  • ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 140 වගන්තිය යටතේ දැනුවත්ව නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම.

 

  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 292 වගන්තිය යටතේ අවමංගල්‍ය උත්සව පැවැත්වීම සඳහා රැස් වීමට බාධා ඇති කිරීම.

 

  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 332 වගන්තිය යටතේ අවමංගල්‍යයට සහභාගී වීමට උත්සාහ කළ පුද්ගලයන් වැරදි ලෙස වැළැක්වීම. චූදිතයන් පළමු චෝදනාව සඳහා වරද පිළිගැනීමට කැමැත්තෙන් සිටියහ. එක් අයෙකුට රුපියල් 1500/= ක දඩයක් නියම කළ අධිකරණය අනෙක් අය නිදහස් කිරීමට නියෝග කළේය.