July 12, 2022

හැබීචෝල්කාරයන්ගේ ඇඟ බැඳීම හා මහජන සාමය කඩ කිරීම  

 81 නඩුවක් කියන්නේ මොකක්ද?  

අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 81 කියන්නේ මම ආසවෙන්ම කරන , කරපු නඩු වර්ගයක්, ඒ හින්ද ටිකක් දැනුමක් තියනවාx ඒ නඩු බොහෝ විට කරන ක‍්‍රමයක් තියෙනවා. ඒක තමයි විරෝධයක් ගේන එක. ඒක මේ වගේ නඩුවක් පවරා පවත්වාගෙන යන්න බැහැ කියන මූලික විරෝධය මුල් අවස්ථාවේදීම ගේන්න පුලූවන්.  

අපිට බොහොම අවස්ථාවල එහෙම මූලික විරෝධයක් ගේන්න මග පාදලා දෙන්නේ පොලිස් මහත්තුරු මේ නඩු බොහෝ විට ලංකාවේ නීතියේදී භාවිතා වෙන්නේ වැරදි ආකාරයට. මහජන සාමය කඩවීම යන්න දෙපාර්ශවයක් ගහ ගැනීම හැටියට සලකලා දෙපාර්ශවයම එකම නඩුවක විත්තිකරුවන් කරලා නඩු පවරන එක තමයි බොහෝ විට පොලීසිය කරන දේ. ඒත් එක වැරදි යි. ඒ නිසා තමයි අපිට මූලික විරෝධයක් ගේන්න අවස්ථාව ලැබෙන්නේx 

ඒක එහෙම වෙන්න නඩු තීන්දු හා මූලික සිද්ධාන්තවලට යන්න වෙනවා. ඒ තමයි කාට එරෙහිවද 81 නඩුවක් දාන්න පුලූවන් හා 81 කියන්නේ මොනවගේ නඩුවක්ද කියලාx 81 කියන්නේ වැළැක්වීමේ ආඥාවක්. ඒ කියන්නේ නීතියේ තියන විසඳුම් වර්ග අතර තියන දණ්ඩනය හා වැළැක්වීම කියන තෝරා ගැනීම්වලින් 81 වගන්තිය අයත් වන්නේ වැළැක්වීමේ විසඳුම ලබා දෙන වර්ගයට.

 ඕනෑම වැළැක්වීමේ නඩුවකම දණ්ඩනයක් නැහැ. ඒත් දණ්ඩනය එන්නේ වැළැක්වීමේ ආඥාව කඩ කරලා ඒක උල්ලංඝනය කළොත් ඒ කඩ කිරීමට තමයි. මේ වැළැක්වීමේ ආඥාව කඩ කළත් දඬුවමක් 

තියනවා. ඒත් මේ දඬුවම ශාරීරීකව නොවේ. ඒත් මුදලින් ගෙවන්න වෙන එක තමයි දණ්ඩනය. ඒකත් වෙනසක්. 

ඒ කියන්නේ 81 කියන්නේ වැළැක්වීමේ ආඥාවක්. එතකොට දණ්ඩනය මෙහි නැහැ. ඒ හනි ්දාම වැළැක්වීමේ ආඥාවක් සුවිශේෂියි. එය  ඕනෑම කෙනෙකුට එරෙහිව භාවිතා කරන්න බැහැ. මේ සම්බන්ධව කරුණු අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 81 සිට 87 වගන්තිවල තියනවා. කාරණා 4 කින් එකක් වත් සම්පුර්ණ වෙන්න අවශ්‍යයි. මොනවද ඒ කාරණා ? 

1. මහේස්ත‍්‍රාත් අධිකරණ බලප‍්‍රදේශයක සාමය කඩ කිරීමක් හෝ මහජන සාමය බිඳ දැමීමක් සිදුවිය යුතුයි එම බලප‍්‍රදේශයේම නඩු පැවරිය යුතුයි උදාථ ඉංගිරියේ වුණොත් බිංගිරියේ නඩු දාන්න බැහැ 

2. ්‍ය්ඉසඑම්ක ධෙෙැබාැර කෙනෙක් වෙන්න  ඕනේ ඒ කියන්නේ හැබිචෝල්කාරයෙක් වෙන්න 

 ඕනේ හෝ කෂ්ට අපරාධකරුවකු වෙන්න  ඕනේ 

3. ගෙවල් බිඳීමේ උපකරණ තබා ගත් අයෙක් හෝ එවැනි කාරණයක් කිරීමට අදාල මහේස්ත‍්‍රාත් අධිකරණ බල ප‍්‍රදේශයක කටයුතු කරන්නෙක් වෙන්න  ඕනේ විශේෂයෙන්ම තමන්ගේ රැඳී සිටීමට කරුණු කිව නොහැකි යම් අපරාධයකට මුල පුරන කෙනෙක් වෙන්න ඕනේ.

4. මෙම කාරණා සෘජුවම පේන්න තියනවා නම් ඒ පිළීබඳ පැහැදිලි කරුණු තිබේ නම් මහේස්ත‍්‍රාත්තුමාට පුලූවන් එයාගේ ඇඟ නොබදින්න කරුණු කියන්න කියලා නියෝගයක් දෙන්න. 

මෙවැනි අවස්ථාවක ඔය කියන කාරණා තමන් කරලා නැත්නම්  පහත කාරණා උඩ මූලික විරෝධය 

ගේන්න පුලූවන්. වැරැද්දක් නැත්නම් මූලික විරෝධයක් ගෙන ආ හැකි අවස්ථාවක් තමයි නඩුවේ දෙපාර්ශවයම එකම නඩුවක කොටස් කිරීම. එනම් එකම නඩුවේ පළමු පාර්ශවය හා දෙවන පාර්ශවය කිරීම. එහෙම බැහැ. බොහෝ පොලීසි එහෙම කරනවා. එහෙම මූලික විරෝධයක් ගෙනාවම උසාවිය ඒකට තීන්දුවක් දෙනවා. ඒ කියන්නේ අපේ මූලික විරෝධතාවය පිළීගෙන පොලසී ියට කියනවා නඩුව ඉල්ලා අස්කරගන්න කියලා හා නිසි ලෙස නඩු පවරන්න කියනව.

එහෙම කළාම පොලීසිය නඩුව ඉල්ලා අස්කර ගන්නවා. බොහෝ විට ඔබ පහර කෑමකට ලක්වෙලා ඒත් ඔබගේ ප‍්‍රතිවාදියා ඔබ පහර දුන්නා කියල පොලීසියට පැමිණිලි කළාම ඔබත් කියනවා ගැහුවා කියලා. එයත් කියනවා ගැහුවා කියලා. පොලීසියට මේක විසඳගන්න තේරෙන්නේ නැහැ. පොලීසිය කරන්නේ මහජන සාමය බීඳදැමීම සඳහා දෙපාර්ශවයම 1 වන විත්තිකාර පාර්ශවය හා දෙවන විත්තිකාර පාර්ශවය කියලා එකම නඩුවට ගේනවා. 

එතකොට ඔබ අසාධාරණයට පත්වුණ පාර්ශවය නම් එතකොට ඔබට මේ නඩුවේ ගුටි කෑවා මදිවට බැඳුම්කරයකට යටත් වෙන්නත් වෙනවා. එතකොට හොඳම දේ මූලික විරෝධයක් ගෙනල්ලා නඩුව වීසිකරවා ගන්න එක. 

81 නඩුවක් දෙපාර්ශවයම නඩු දෙකක දෙවිදියකට අධිකරණයට ඉදිරීපත් කිරීම නිවැරදියි. එනම් එකක් චූදිත පක්ශය අනෙකේ අගතියට පත් පාර්ශවය එහෙම කරන්න වෙන්නේත් මහජන සාමය බිඳ දැමීම නිසා මිසක් පොලීසීයට වැඬේ බේරගන්න බැරීවීම නිසා නොවේ.

ඒ වගේ ගොඩාක් නඩු තීන්දු තියනවා මූලික විරෝධතා ගේන්න. සිද්ධියට අදාලව ගේන්න පුලූවන්. එහෙම ගෙනල්ලා මුලින්ම නඩුව කඩන්න පුලූවන්. දෙපාර්ශවයම එකම නඩුවේ පාර්ශවකරුවන් කරන්න බැහැ  කියන එකට බීලා කුණුහරුප කියන සිද්ධි, ඉඩම් නඩු, බීමත්කම් වගේ දේවල් ගොඩාක් 81 වගන්තියට එන්නේ නැහැ. එකක් තමයි කරන චෝදනාව නිශ්චිත වෙන්න  ඕනේ. හුදු උපකල්පනයක් හෝ විය හැක්ක පිළිබඳ සැකයක් වෙන්න බැහැ. එහෙම කරුණු මත නඩු දාලා තිබුණොත් ඒක මූලික විරෝධයකට කටයුතු වෙනවා. 

මේ වගේ නඩුවක ඉහත කාරණා 4 වගේම විත්තිකරුට කරන චෝදනා නිශ්චිත වෙන්න  ඕනේ. මැතකාලීනව මේ වගේ කාරණා ගැන නඩු තීන්දු අඩුයි.  ඒත් ඉස්සර නම් ගොඩාක් නඩු තීන්දු තිබුණාx මේ වගේ කාරණයකදී මහේස්ත‍්‍රාත්තුමා සෑහීමකට පත් වෙන්න  ඕනේ එහෙම චෝදනා කරන අය ඒ චෝදනාවේ වගේ වරදක් කරන්න කටයුතු කළා කියලා.  ඒකයි නිශ්චිත වෙන්න  ඕනේ. ඉඩමක් වගේ දේකට දෙපාර්ශවය ගහගන්න කොට එක 66 නඩුවක් වෙනවා වගේම පොලීසීය ඒක 81 නඩුවක් හැටියටත් ගේනවා. එහෙම වුණාම ඉඩමේ අයිතිය කාගේ උනත් මහේස්ත‍්‍රාත්වරයා සෑහීමට පත් වෙනවා නම් දෙපාර්ශවයම සාමය කඩ කිරීමකට කටයුතු කළා කියලා එතකොට සාමය පවත්වාගෙන යාමේ බැඳුම්කරයට අත්සන් තබන්න නියොග් කරන්න පුලූවන් ඒ වගේම ඒ වගේ දෙයක් වුණොත් ඒක 66 නඩුවට වාසියක් සාමය කඩවීම ඔප්පු කරන්න.

මහජන සාමය කඩවීම අර්ථ දක්වන විට එය කෑකො ් ගැසීමක්, හයියෙන් සිංදු කීමක් හෝ හූ කීමක් වෙන්න බැහැ. වඩා නිශ්චිතවම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරීත්වයක් පුද්ගලයන්ට එරෙහිව හෝ දේපලකට එරෙහිව හෝ ඉඩමකට එරෙහි වීමට ඇති හැකියාව හෝ වීම තිබෙන්නට  ඕනේ.

වැදගත්ම කාරණයක් තමයි කරන ලද ක‍්‍රියාව නීතිය ඉදිරියේ වරදකාරි ක‍්‍රියාවක් වෙන්න  ඕනේ.

  • උරදබටමෙක ්ජඑ – වරදකාරී ක‍්‍රියාවක් සිදුවීමට ඉඩ තිබීම වුණත් මේ වගේ නඩුවකට ගත හැකි වුණත් එය නිශ්චිතවම කරුණු මඟින් තහවුරු නොකළොත්  ඉහළ අධිකරණවලින් එය විසුරුවා හරිනවා.  
  • උරදබටමෙක ්ජඑ සබ ඛ්අ – ඉතින් පල්ලි පන්සල්වල ආගමික ගැටුම් වගේ දේවල්  මේවට 

ගේන්න බැහැ. එහෙම ගේන්නේ පොලිසිය නොදන්න නිසා  ඕනෑම වෙලාවක පොලිසිය බේරගන්න බැරි නඩු මේ වගන්තියෙන් ගේනවා අපි උසාවිවල දැකලා තියනවා.

මේ වරදකාරී කටයුත්ත  ඕනෑම වරදකාරී කටයුත්තක් නොව මහජන සාමය බිඳවැටීමට ආසන්න හෝ බීඳවැටීමේ වරදකාරී ක‍්‍රියාවක් වෙන්න  ඕනේ. ඒ හින්දා මිනීමැරීමක් වෙන්න පුලූවන් කියලා ඇඟබඳින්න බැහැ. ඒක මහජන සාමය බිඳවැටීමකට සම්බන්ධ නම් පුලූවන්, ඒ ගැන නිවැරදි තොරතුරු මහේස්ත‍්‍රාත්තුමාට ලැබිලා තියෙන්න  ඕනේ. රස්තියාදු කාරයෝ හෝ කලහකාරී අය නිකරුනේ සැරීසැරීම මේ වගන්ති යටතේ ගේන්න බැහැ. සමහර විට පොලීසි එහෙම කරනවා. ගිරුවාපත්තුවේ මුදලි එරෙහිව අන්දීරීස්සා නඩුව කියන්නේ එහෙම හැබිචෝල්කාරයෙක් නම් එයාව විතරයි. නඩුවේ විත්තිකාරයා කරන්න  ඕනේ කියලා කීප දෙනෙක් බැහැ කියලා.

මේක වැළැක්වීමේ ආඥාවක් වුණාට සුවිශේෂි අවස්ථාවල සාමය පවත්වාගෙන යාමට නම් මහේස්ත‍්‍රාත්වරුන්ට බලය තිබෙනවා අවශ්‍ය නම් මාස 6කට සිරගත කිරීමට හෝ කාලානු?පීව ඒ පුද්ගලයා නිදොස් කීරීමෙන් සමාජයට හානි නොවන බවට සෑහීමට පත් වන කාලයක් තුළ. ඒත් මාස 6 ට වඩා බැහැ. ඒ වගේම බැඳුම්කරය අත්සන් තබන තුරු සිරගත කරන්න පුලූවන්.

මූලික විරෝධතා ගෙනල්ලා නඩුව නිවැරදි කරන එක ඉතාම වැදගත්. එහෙම වුණේ නැත්නම් අහිංසක පාර්ශවයක් නිකරුනේ අනුන් කළ වරදකට බැඳුම්කරයකට යටත් කරනවා. අපේ භාෂාවෙන් කියනවා නම් උසාවියෙන් ඇඟ බඳිනවා.

මෙම 81 වගන්තයි පොලීසිය විසින් ඉතා පැහැදිලිව සොය ගන්න නිශ්චිත කරුණු මත වගකීමකින් අධිකරණයට වාර්තා කරන්න වෙනවා ප‍්‍රවාදක කරැණු මත මේ වගේ නඩු දාන්න බැහැ, යහපැවැත්ම තහවුරු කරන්න මේ වගේ දේවල්වලට නඩු දාන්න බැහැ, එම වරද කරන තැනැත්ත එම වරද කළ බවට හොඳින්ම තහවුරු වූ පසුව එම තැනැත්තා එළියේ සිටියොත් හෝ බැඳුම්කරයකට යටත් නොකළොත් සාමය කඩ වෙනවා නම් පමණයි…. මෙවැනි නඩු ගෙන එන්න පුලූවන්. ඇත්තටම දිවුරුමක් හරහා කරන්න  ඕන කියලා තමයි තියෙන්නේ. ඒ තරම්ම මේක වැදගත් වගන්තියක් .

හුඟාක් වෙලාවට දෙපැත්තක් ගහ ගත්තම පොලීසිය මෙම වගන්තියෙන් දෙපාර්ශවයම එකට තියලා නඩු දානවා. එහෙම බැහැ මූලික විරෝධයක් ගේන්න පුලූවන් 

ඔබට පොලීසියෙන් උසාවි එන්න කියලා දැන්වීමක් හෝ අත් අඩංගුවට අරගෙන ඉදිරිපත් කළොත්  මේ අ වගන්තිය යටතේ ඔබගේ නීතීඥයන්ට අවස්ථාවක් ලැබෙනව මූලික විරෝධතා ඉදිරිපත් කරන්න හෝ බැඳුම්කරයට යටත් නොකිරීමට හේතු කියන්න මූලික විරෝධතා ලිඛිත දේශන මඟින් කරන්න පුලූවන්. නඩුව මුල් අවස්ථාවේම කඩනවා කියන්නේ ඒකට. හේතු කියන්න සිද්ධ වුණත් ඒකත් ලිඛිත දේශන මඟින් කරන්න පුලූවන්. මේකට කියන්නේ විමසීම කියලා. විමසීම කරන්නේ බොහෝ විට ලිඛිත දේශන හරහා අවශ්‍ය නම් සාක්ෂි කැඳවන්න ඉල්ලන්න පුලූවන් හෝ දිවුරුම් ප‍්‍රකාශ හරහා සාක්ෂි ගේන්නත් පුලූවන්. 

එතකොට ඒ හේතු බලලා මහේස්ත‍්‍රාත්තුමා තීන්දුවක් දෙන්න  ඕනේ. ඒ වගේ හේතු කියන කොට පුලූවන් තරම් නඩු තීන්දු සමගම කියන එක හොඳයි. මහේස්ත‍්‍රාත්තුමාගේ තීන්දුව ඔබට එරෙහිව ලැබුණොත් ඒකට ඔබ අකැමැති නම් ඔබට ප‍්‍රතිශෝධනයකට යන්න පුලූවන් මහාධිකරණයට. 

නඩුතීන්දු 

1. මහේස්ත‍්‍රාත්තුමා තම තීරණය යුක්ති සහගතව කළ යුතුයි: –  

  • Kulanthaivelu v Kathirithamabi b 1904 4 
  • Thammbaiyah report
  • Premadas v David 1956 58 NLR 308 

2. මහේස්ත‍්‍රාත්තුමාට පිළීගත හැකි සෑහීමට පත්විය හැකි තොරතුරු තිබිය යුතුයි බැඳුම්කරයට නියෝග කිරීමට:

  • Senodin Marikkar v Siddik Lebbee 1899 1
  • Thambaiah report 1 

3. ප‍්‍රචණ්ඩකාරී මැදිහත්වීම් තිබිය යුතුයි පුද්ගලයන්ට හෝ දේපලට එරෙහිව

  • Abeywardana vs Fernando 1924 27NLR 97 P.98 

4. එම තොරතුරු හා නියෝගය ඉතා නිශ්චිත විය යුතුයිx 

  • Jamal Vs. Rebecca Aponsu 2 times L R 215  
  • Weerasinghe vs Peter 1937 39 NLR 426 

5. ආගමික ගැටුම් හෝ සිද්ධි හෝ නිකායික මතභේද මේ නඩු වර්ගයට නොවැටේ 

  • Langram Vs Nilame 1920 22 NLR 445 

6. ගැටුමක දෙපාර්ශවයක් එකම නඩුවක පාර්ශවකරුවන් කළ නොහැක ( මෙය විවිධ අවස්ථාවල අභියෝගයට ද ලක්වී ඇතx වෙනස් නඩු තීන්දු ද ඇතx මෙය ද බල පැවැත්වේ: 

  • Valdine Vs Soysa 1910 14 NLR 140  
  • Police Officer Vs Dineshamy 1919 21 NLR 127 
  • Maniagar of Pachchilapali Vs ramen cheti 1909 1 Cur L R  64  

7. සිතාසි නිශ්චිතව හා වරද පැහැදිලිව තිබිය යුතුයx චුදිතයා පුදුමයට පත් වන දේ නඩුවේදී කිව නොහැකx 

  • Kanagasingham Vs Thambiah 1929 24 NLR 474 P 475 

8. චූදිත පුද්ගලයා සමාජයට කරදරයක් හෝ ආරක්ෂාවට හානියක් හෝ නොවේ නම් බැඳුම්කරයට යටත් නොකළ යුතුය: 

  • Sparoule Vs Nanayaara 1933 2 CLW 156 

නීතීඥ ලක්ෂාන් ඩයස්

Tagged with: