මුල් පිටුව ශ්‍රි ලංකා නඩු තීන්දු ශ්‍රී ලංකාවේ මෙන්සින්ගන් හි ශාන්ත ෆ්‍රැන්සිස්ගේ තුන්වන අනුපිළිවෙලෙහි ශුද්ධ වූ කුරුසයේ ශික්ෂණ සහෝදරියන් පළාත්බදව (සංස්ථාගත කිරීම) පිළිබඳ පනත් කෙටුම්පතක්

අධිකරණය
ශ්‍රේෂ්ඨාධිකරණය
විනිසුරු මඩුල්ල
ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමා එච්.එස්. යාපා විනිසුරුතුමා නිහාල් ජයසිංහ විනිසුරුතුමා
මුලික වචන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1); 123 වන ව්‍යවස්ථාවන්
සඳහන් කර ඇති වෙනත් නඩු
සඳහන් කර ඇති වෙනත් නඩු

 

පුජ්‍ය ස්ටනියිස්ලොස් එදිරිව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය

 

පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් නීතිඥ මනෝහර ද සිල්වා සමඟ බණ්ඩාර තලගුණේ සහ ඩබ්ලිව්.ඩී.වීරරත්න

 

සහකාර සොලිසිටර් ජෙනරාල් පී.ඒ. රත්නායක , අධිනීතිඥ එස් බාලපටබැඳි

පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්
තීන්දුව ලබා දුන් දුනය
25/07/2003
තීන්දුව ලබා දුන් විනිසුරුතුමා/විනිසුරුවරු
නඩුවට අදාළ සැලකිය යුතු තොරතුරු
අනෙකුත් තොරතුරු

ශ්‍රී ලංකාවේ මෙන්සින්ගන් හි ශාන්ත ෆ්‍රැන්සිස්ගේ තුන්වන අනුපිළිවෙලෙහි ශුද්ධ වූ කුරුසයේ ශික්ෂණ සහෝදරියන් පළාත්බදව (සංස්ථාගත කිරීම) පිළිබඳ පනත් කෙටුම්පතක්

ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ තීරණය අංක. 19/2003

නඩුවේ සිද්ධිමය කරුණු

ශ්‍රී ලංකාවේ මෙන්සින්ගන් හි ශාන්ත ෆ්‍රැන්සිස්ගේ තුන්වන අනුපිළිවෙලෙහි ශුද්ධ වූ කුරුසයේ ශික්ෂණ සහෝදරියන් පළාත්බදව (සංස්ථාගත කිරීම)’ නම් පනත් කෙටුම්පතක් මගින් ‘රජය මඟින් පවත්වාගෙන යනු ලබන කතෝලික පාසල් සහ අනෙකුත් පාසල් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක අධ්‍යාපනික හා වෘත්තීය පුහුණුවීම් පැවැත්වීම සහ ළමුන් සහ වැඩිහිටියන් සඳහා අනාථ නිවාස සහ නිවාස ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම මගින් ආගම ප්‍රචාරණය කිරීම’ යන අරමුණේහිලා සංවිධානයක් සංස්ථාගත කිරීමට උත්සාහ කරන ලදී. (පනත් කෙටුම්පතේ පුර්විකාව බලන්න). සංස්ථාව පිහිටුවා ඇති පොදු අරමුණු ලෙස දක්වනුයේ – (අ) කතෝලික ආගම පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා ය; (ආ) තරුණයින්ට ආගමික, අධ්‍යාපනික සහ වෘත්තීය පුහුණුව ලබා දීම; (ඇ) පෙර පාසල්, පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල ඉගැන්වීමට; (ඈ) හෙද නිවාස, වෛද්‍ය සායන, රෝහල්, සරණාගත කඳවුරු සහ එවැනි ආයතනවල සේවය කිරීමට; (ඉ) ළමා නිවාස, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වැඩිහිටි නිවාස, අනාථ නිවාස, සාත්තු නිවාස සහ ජංගම සායන ස්ථාපිත කර පවත්වාගෙන යාම සහ ළදරුවන්, වයෝවෘද්ධ, අනාථ, අසරණ සහ රෝගීන් සඳහා රැකවරණය; (ඊ) සියල්ලන්ටම ආදරය හා ගෞරවය මත පදනම් වූ සමාජයක් ඇති කිරීම; සහ (උ) සංස්ථාවේ ඉහත කී අරමුණු ප්‍රවර්ධනය කරනු ලබන එවැනි සියලු කටයුතු සහ සේවාවන් භාරගෙන ක්‍රියාත්මක කිරීමට.”

චෝදනා කරන ලද ආගමික සහ විශ්වාසයේ අයිතිය උල්ලංඝනය කිරීම

තීන්දුව

(1) ආගමක් ප්‍රචාරය කිරීමේ මූලික අයිතිවාසිකමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන නැත. ‘ප්‍රචාරණය’ යන  වචනයට අර්ථ ගණනාවක් ඇත, නමුත් කෙටි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව එහි තේරුම වනුයේ ‘පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ තැනින් තැනට (ප්‍රකාශයක්, විශ්වාසයක්, පරිචයක් ආදිය)’ පැතිරීම සහ පැතිරවීම යන්නයි. අංක 2/2001 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වූයේ, “ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25(1) ව්‍යවස්ථාවේ  මෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම ‘ප්‍රචාරය’ කිරීමේ මූලික අයිතිවාසිකමක් සහතික කර නැත. සියළු පුරවැසියන්ට එම පුරවැසියාගේ ආගම හෝ ඉගැන්වීම  ප්‍රකාශ කිරීමට, නමස්කාර කිරීමට, නිරීක්ෂණය කිරීමට, ක්‍රියාත්මක කිරීමට 14(l)(ඉ) ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් සලසා ඇත.

 

(2) අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පුද්ගලයෙකුට තම ආගම ප්‍රකාශ කිරීමට අවසර ඇතත්, ආගම ප්‍රචාරය කිරීමේ මූලික අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික නොවන බැවින් වෙනත් ආගමක් පැතිරවීමට අවසර නැත. ප්‍රචාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික අයිතිවාසිකමක් ලෙස සලකන අවස්ථා වලදී පවා හෘද සාක්ෂියේ නිදහසට බාධාවක් වන පරිදි වෙනත් පුද්ගලයෙකු තම ආගමට හරවා ගැනීමේ අයිතියක් දීර්ඝ කර නොමැත. (පුජ්‍ය ස්ටනියිස්ලොස් එදිරිව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය)

(3) එලෙසම ප්‍රචාරය කිරීමට මූලික අයිතිවාසිකමක් නොමැති විටෙක, වෙනත් පුද්ගලයකු තම ආගමට හරවා ගැනීමට උත්සාහ කළහොත්, එවැනි හැසිරීමක් බුද්ධ ශාසනයේ පැවැත්මට බාධාවක් විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇත්තේ තම ආගම ප්‍රකාශ කිරීම, පිළිපැදීම සහ යෙදවීමේ අයිතියක් වන අතර 3 වන වගන්තිය අනුව ප්‍රකාශ කර ඇති පරිදි ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරණය සහ ව්‍යාප්ත කිරීම (සංස්ථාව පිහිටුවා ප්‍රකාශ කර ඇති පරිදි, කතෝලික ආගම පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීමටත් තරුණ තරුණියන්ට ආගමික, අධ්‍යාපනික හා වෘත්තීය පුහුණුව ලබාදීමටත් යන්න) බුදුදහමේ හෝ බුද්ධ ශාසනයේ පැවැත්මට බාධාවක් වන බැවින් එය අනුමත කළ නොහැකි බවයි.

(4)මෙම විධිවිධානයේ අඩංගු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 10 ව්‍යවස්ථාවන්ට නොගැලපෙන බැවින්, පනත් කෙටුම්පත 83(අ) ව්‍යවස්ථාවේ විෂය පථය තුළට අදාළ වන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2) ව්‍යවස්ථාවට අනුව අපි තීරණය කරමු. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි විශේෂ බහුතරයෙන් සම්මත කර ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුය.